සෛල න්‍යෂ්ටිය

සූන්‍යෂ්ටික සෛල වල පවතින න්‍යෂ්ටික ආවරණය ලෙස හැදින්වෙන පටල දෙකකින් වට වූ ( ද්විත්ව පටලමය) විෂ්කම්භය මයික්‍රොමීටර් 5 පමණ වන වඩාත් කැපී පෙනෙන ඉන්ද්‍රයිකාවයි.

මෙය ඇතුළත පටලය හා පිටත පටලය ලෙස පටල දෙකකින් වට වී ඇති අතර මෙම පටල 2, 20nm -40nm පමණ වන අන්තර් පටල අවකාශයකින් වෙන් වී ඇත.

න්‍යෂ්ටිකට ද්‍රව්‍ය ඇතුලුවීම හා පිටවීම යාමනයට න්‍යෂ්ටික ආවරණයේ න්‍යෂ්ටික ජිද්‍ර ලෙස හැදින්වෙන සිදුරු සංකීර්ණ (න්‍යෂ්ටික සිදුරු ) පිහිටයි.

මෙහි න්‍යෂ්ටි ආවරණයේ ඇතුළත ආස්තරය කරන ප්‍රෝටීන සූත්‍රිකා වලින් සෑදුණු න්‍යෂ්ටික තලාව පිහිටයි.

න්‍යෂ්ටි පූරකය න්‍යෂ්ටිය අභ්‍යන්තරයෙන් විහිදෙන ප්‍රෝටීන සූත්‍රිකා වලින් සෑදී ඇත. න්‍යෂ්ටි පූරකය තුළ ක්‍රොමැටීන් හා න්‍යෂ්ටිකාව පවතී.


න්‍යෂ්ටිකාව ක්‍රොමැටීන් ජාලයට ආසන්නව ඇත. එය තදින් වර්ණ ගැන්වුන තන්තු සහිත කණිකා ලෙස දිස් වේ.

ක්‍රොමැටීන් යනු DNA හා ප්‍රෝටීන සංකීර්ණයකි.

ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූප අනුව විභාජනය නොවන සෛල වල න්‍යෂ්ටිය තුළ විසුරුණු ගොනුවක් ලෙස ක්‍රොමැටීන් දිස්වේ.

න්‍යෂ්ටිය විභාජනය සිදු වන විට මෙම ක්‍රොමැටීන් ඝන වී තදින් දගර ගැසී වර්ණදේහ ලෙස හැදින්වෙන නූල් වැනි ව්යූහ බවට පත්වේ .

කිසියම් ජීවී විශේෂයක න්‍යෂ්ටි තුළ නියත වර්ණදේහ සංඛ්‍යාවක් පවතී.



You Should know :

ප්‍රාග් න්‍යෂ්ටික ජීවීන්ට න්‍යෂ්ටියක් නොමැත. DNA සෛල ප්ලාස්මය හෙවත් සයිටොසොලය තුළ ගිලී ඇත. එය නියුක්ලියෝඩ ප්‍රදේශයක් වන අතර DNA හිස්ටෝන ප්‍රෝටීන සමග බැදී නොමැත. එය චක්‍රීය DNA අණුවකි වන අතර එය තනි වර්ණදේහයකි.