රයිබෝනියුක්ලෙයික් අම්ල
RNA and Structure
රයිබොනියුක්ලික් අම්ලය ( RNA) යනු DNA වලට ව්‍යුහාත්මක සමානකම් ඇති සියලුම සජීවී සෛලවල පවතින න්‍යෂ්ටික අම්ලයකි. කෙසේ වෙතත්, DNA මෙන් නොව, RNA බොහෝ විට තනි නූල් වේ( DNA ද්විත්ව දාම වේ. RNA ඒක දාම වේ ). සාමාන්‍යයෙන් RNA තනි දාම අණුවකි . රයිබෝ නියුක්ලියෝටයිඩ බහුඅවයවීකරණය වීමෙන් RNA අණුව සෑදේ.
මෙම රයිබෝනියුක්ලියෝටයිඩ අණුව එකිනෙකට වෙනස් කාණ්ඩ 3 කින් සෑදී ඇත.
පෙන්ටෝස් සීනි කාණ්ඩය, නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය සහ පොස්ෆේට් කාණ්ඩය වේ.
පොස්පේට් කාණ්ඩය මගින් RNA අණුවට ආම්ලික ස්වභාවයක් ලබා දේ.
පෙන්ටෝස් සීනි කාණ්ඩය ලෙස RNA වල පවතින්නේ රයිබෝස් සීනි වේ. ඩිඔක්සිරයිබෝස් සීනි DNA වල පවතී.
නයිට්‍රජනීය භෂ්ම ලෙස ඇඩිනීන් (A), ගුවානින් (G), සයිටොසීන් (C) සහ යුරැසීල්(U) එම භෂ්ම වේ. මෙමෙ භෂ්ම ගැන කතාකළවිට ආකාර 2කි.
1.පියුරීන් - A, G භෂ්ම මීට අයත් වේ.
2.පිරිමිඩීන් - C, U සහ T (තයිමීන් - මෙය RNA වල හමු නොවේ DNA වල ඇත)
නියුක්ලියෝටයිඩ එකතු වී රයිබෝපොලිනියුක්ලියෝටයිඩ දාම සාදයි
රයිබෝපොලිනියුක්ලියෝටයිඩ දාමය සාදන්නෙ,
එක් රයිබෝනියුක්ලියෝටයිඩයක පෙන්ටෝස් සීනි කාණ්ඩයට සම්බන්ධ OH කාණ්ඩයක් තවත් රයිබෝ නියුක්ලියෝටයිඩයක පොස්ෆේට් කාණ්ඩයට සම්බන්ධ OH කාණ්ඩයක් අතර ඇතිවන සංඝනන ප්‍රතික්‍රියාවකින් සාදන පොස්ෆොඩයිඑස්ටර බන්ධන මගිනි. මෙලෙස එක් එක් රයිබෝ නියුක්ලියෝටයිඩ එකිනෙකට පොස්ෆොඩයිඑස්ටර බන්ධන මගින් බැදීමෙන් රයිබෝ පොලිනියුක්ලියෝටයිඩ එක් දාමයක් නිර්මාණය වේ.
එක් රයිබෝ පොලිනියුක්ලියෝටයිඩ දමයක් සාමාන්‍ය RNA ඒක දාම අණුවකි
RNA වල කෘත්‍ය
සෛල තුළ විවිධ RNA වර්ග පවතී: RNA වල ප්‍රධාන කෘත්‍ය ප්‍රෝටීන සංස්ලේෂණ සදහා දායකවීමයි. සෛල තුල පවතින ප්‍රධාන RNA වර්ග 3කි.
මැසෙන්ජර් RNA (m-RNA) - නිපදවිය යුතු ප්‍රෝටීනයට අදාළ ප්‍රවේණික තොරතුරු DNA අණුවකින් පිටපත් කර ගනී. පසුව ප්ලාස්මයේ සිට රයිබොසෝම තුළට(ප්‍රෝටීන සංස්ලේෂණය වන ස්ථානයට ) න්‍යෂ්ටික සිදුරු හරහා ප්‍රවේණික තොරතුරු පරිවහනය කරයි.
හුවමාරු RNA (t-RNA)- නිපදවන ප්‍රෝටීනයට අවශ්‍ය කරන ඇමයිනෝ අම්ල රයිබොසෝම වෙත පරිවහනය කරයි.
රයිබොසෝමීය RNA (r-RNA) - ප්‍රෝටීන සංස්ලේෂණයට ස්ථාන සපයයි. මේවා රයිබොසෝම තුළ ඇත.
මීට අමතරව, සමහර RNA ජාන ප්‍රකාශනය නියාමනය කිරීමට සම්බන්ධ වේ. ඇතැම් වෛරස් ඔවුන්ගේ ජානමය ද්‍රව්‍ය ලෙස RNA භාවිතා කරයි.
"රයිබොනියුක්ලික් අම්ලය හෝ RNA, මම බොහෝ විට සිතන්නේ RNA යනු DNA වල අඩු ප්‍රසිද්ධ ඥාති සහෝදරයා ලෙසයි, විශේෂයෙන් ජීව විද්‍යාව හෝ ප්‍රවේණි විද්‍යාවෙන් පිටත පුද්ගලයින් සඳහා. නමුත් ඇත්ත වශයෙන්ම, ඔබ ඒ ගැන සිතන විට, RNA යනු බොහෝ ආකාරවලින්, සෛල සෑදීම හෝ ප්‍රතිශක්තිකරණ අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම, ඇමයිනෝ අම්ල රැගෙන යාමේ ව්‍යාපාරයක් කිරීමට ශරීරය භාවිතා කරන න්‍යෂ්ටික අම්ලවල සැබෑ ක්‍රියාකාරී ස්වරූපයයි. සෛලයේ එක් කොටසක සිට අනෙක් කොටස දක්වා, බොහෝ විට මට හැඟෙන්නේ RNA හට ලැබිය යුතු ගෞරවය නොලැබෙන බවයි. එබැවින් මට බෙදා ගත හැකි යැයි මම සිතන දෙය නම් RNA හි විවිධ ආකාර m-RNA, t-RNA, r-RNA ඒ සෑම එකක්ම තමන්ගේම ආකාරයෙන් පරම මූලික ක්‍රියාකාරකම් ඇති අතර එය නොමැතිව ජෙනෝමයේ ජීව විද්‍යාව ප්‍රායෝගිකව පරිවර්තනය කළ නොහැක. තවද මෙහි වඩාත්ම පැහැදිලිව පෙනෙන එක mRNA විය හැකි යැයි මම අනුමාන කරමි, මන්ද මේවා ජානවල පිටපත් කරන ලද ආකාරයන් වේ, සෛලය මගින් ජානයක් කියවන ආකාරය. නමුත් ඇත්ත වශයෙන්ම, tRNA සහ rRNA වලටද ඇති සුවිශේෂී භූමිකාවන් ගැන ඉගෙන ගැනීමට මම සෑම කෙනෙකුම දිරිමත් කරමි, මන්ද මේ සෑම එකක්ම ජීවිතයේ ප්‍රහේලිකාවට පුදුමාකාර ලෙස අද්විතීය ආකාරයකින් ගැලපේ. "