මයිටොකොන්ඩ්‍රියාවේ ව්‍යුහය හා කෘත්‍ය

මයිටොකොන්ඩ්‍රියාව යනු සූන්‍යෂ්ටික සෛලවල පමණක් දක්නට ලැබෙන ඉන්ද්‍රයිකාවකි.

එහි සෛලීය ශ්වසනය මගින් ATP සංස්ලේෂනය කිරීමයි එනම් ශක්තිය නිපදවීමයි.

මයිටොකොන්ඩ්‍රියම පටල දෙකකින් වටවී ඇති දිගටි ඉන්ද්‍රයිකාවකි. මෙම පටල දෙක ඇතුළත පටලය හා පිටත පටලය ලෙස ගැදින්වෙන අතර මෙම පටල දෙක අන්තර් පටල අවකාශයකින් වෙන් වී ඇත.

මෙහි පිටත පටලය සිනිදු ස්වභාවයක් ගන්නා අතර ඇතුළත පටලය මියර සෑදීමට නැමී ඇත.

මයිටොකොන්ඩ්‍රියාවේ ඇතුළත පටලයට ඇතුළතින් ඇත්තේ මයිටොකොන්ඩ්‍රියම් පුරකය වේ.

ඒ තුළ 70 s රයිබොසෝම, චක්‍රීය DNA, පොස්ෆේට් කණිකා ප්‍රෝටීන හා එන්සයිම පවතී.


සෛලීය ශ්වසනයේ ක්‍රේබ්ස් චක්‍රයට අවශ්‍ය කරන එන්සයිම මයිටොකොන්ඩ්‍රියම් පූරකය ද ස්වායු ශ්වසනයේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට හා ඔක්සිකාරක පොස්ෆොලීයකරණයට අවශ්‍ය කරන එන්සයිම වලින් මියර සමන්විතවේ

මයිටොකොන්ඩ්‍රියම් පූරකයේ පවතින සංඝටක

1. 70S රයිබොසෝම

2.එන්සයිම

3.ප්‍රෝටීන

5.චක්‍රීය DNA අණු

6.පොස්ෆේට් කණිකා


This is a property of www.sentexsrilanka.shop

written by Senuda Geesen